ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරයේ පැවැත්වෙන සදහම් වැඩසටහන්

යොවුන් වැඩසටහන

පින්වත් දුවේ, පුතේ,
ඔයාලාට පින්වත් මහා සඟ රුවන ඇසුරේ
මධුර රසයෙන් පිරී ගිය, සිතට මහා ප්‍රීතිය ඇති කරන,
සිත පෙළන ද්වේෂය නැති කරන,
සිතට සුව පහසුව ඇති කරන, අරුත් පිරි සම්බුදු වදන්
ඉගෙන ගනිමින් ඔබගේ ජීවිතය මනාව හැඩගස්වා ගන්නත්, ඔබගේ ගැටළු විස‍ඳා ගන්නත් ලැබෙන දුර්ලභ අවස්ථාවක් තමයි මේ වැඩසටහන.

ළමා සදහම් වැඩසටහන

  • සෑම පුන් පොහෝ දිනකම උදෑසන 8.00 සිට සවස 3.00 දක්වා
  • සෑම ඉරු දිනකම උදෑසන 8.00 සිට දහවල් 11.00 දක්වා

දුලබව ලද මිනිසත් බවෙහි නිසිඵල නෙලීම යනු අවබෝධයෙන්ම තෙරුවන් සරණ යාමය. සිල් හී පිහිටීමය. බුද්ධෝපස්ථාන සංඝෝපස්ථාන ආදී දානාදී පින්කම්හි යෙදීමය. ඒ් සඳහා ශ්‍රී අංගුලිමාල මහා සෑය වනාහි අතිශය තේජමාන වූ උත්තුංග වූ සුපූජනීය වූ මහා පින්කෙතකි.

ඔබ සියලු දෙනාට ශ්‍රී අංගුලිමාල මහා සෑයේ තේජානුභාවයෙන් සියලු රැකවරණ වේවා!

All rights reserved