ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා අට නමක් හතරැස් කොටුවෙහි ද, මහා තෙද ඇති ශ්‍රී අංගුලිමාල මහරහතන් වහන්සේගේ උතුම් අරහන්ත ධාතූන් වහන්සේලා දහස් නමක් ධාතු ගර්භයෙහි ද ලෝ සතට සෙත සලසමින් විරාජමානව වැඩසිටින
ශ්‍රී අංගුලිමාල මහා සෑ රජාණන් වහන්සේට නමස්කාර වේවා..!

ශ්‍රී අංගුලිමාල මහා සෑයේ
වන්දනාවන් පැවැත්වෙන වේලාවන්

උදෑසන ක්ෂීරපායාස පූජාව

  • සෑම දිනකම උදෑසන 5.30 සිට 6.30 දක්වා

සවස සම්බුද්ධ පූජාව සහ අරහන්තක පූජාව

  • සෑම දිනකම සවස 6.30 සිට 7.30 දක්වා

බෝධි වන්දනාව

  • සෑම මසකම පළමු සතියේ බදාදා සවස 6.30 සිට 7.30 දක්වා

ශ්‍රී අංගුලිමාල මහා සෑ රජුන් සෑම දිනකම අළුයම 5.00 සිට රාත්‍රී 9.45 දක්වා
සැදැහැවතුන්ගේ වන්දනා මාන සඳහා විවෘතව පවතී

උදෑසන ක්ෂීරපායාස පූජාව

  • සෑම දිනකම උදෑසන 5.30 සිට 6.30 දක්වා

සවස සම්බුද්ධ පූජාව සහ අරහන්තක පූජාව

  • සෑම දිනකම සවස 6.30 සිට 7.30 දක්වා

බෝධි වන්දනාව

  • සෑම මසකම පළමු සතියේ බදාදා සවස 6.30 සිට 7.30 දක්වා

ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරයේ පැවැත්වෙන
සදහම් වැඩසටහන්

පුන් පොහෝ දින සීල භාවනා වැඩසටහන

  • සෑම පුන් පොහෝ දිනකම උදෑසන 6.30 සිට සවස 4.30 දක්වා

ළමා සදහම් වැඩසටහන

  • සෑම පුන් පොහෝ දිනකම උදෑසන 8.00 සිට සවස 3.00 දක්වා
  • සෑම ඉරු දිනකම උදෑසන 8.00 සිට දහවල් 11.00 දක්වා

යොවුන් සදහම් වැඩසටහන

  • සෑම පුන් පොහෝ දිනකම දහවල් 1.00 සිට 3.30 දක්වා

ශ්‍රී අංගුලිමාල මහා සෑ රජාණන් වහන්සේ උදෙසා පැවැත්වෙන
පූජාවන් සඳහා දායකත්වය ලබා ගැනීමට
පින්වත් ඔබටත් අවස්ථාවක්

කිරි ආහාර පූජාව

භාග්‍යවතුන් වහන්සේ උදෙසාත්, අංගුලිමාල මහරහතන් වහන්සේ උදෙසාත් සෑ රජාණන් වහන්සේටත්, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසාත් පූජා කරන කිරි ආහාර පූජාව..

ශබ්ද පූජාව

ශ්‍රී අංගුලිමාල මහා සෑ රජාණන් වහන්සේ මුල් කරගෙන තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසාත්, අංගුලිමාල මහරහතන් වහන්සේ උදෙසාත් සිදු කරන ශබ්ද පූජාව..

ආලෝක පූජාව

තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසාත්, අංගුලිමාල මහරහතන් වහන්සේ උදෙසාත් පවත්වන ආලෝක පූජාව..

ශ්‍රී අංගුලිමාල මහා සෑ රජුන් උදෙසා පැවැත්වෙන දෛනික පූජාවන් සඳහා දායකත්වය ඉතාම පහසුවෙන් වෙන් කරගැනීමටත්,
පින්වත් ඔබ භාරගත් පූජාවන් වල විස්තර දැන ගැනීමටත්, පින්වත් ඔබ සිදුකළ ආධාරයන් හී රිසිට්පත් පහසුවෙන් අප වෙත යොමු කිරීමටත්
අපගේ නව වෙබ් පිටුවට පිවිසෙන්න…

ශ්‍රී අංගුලිමාල චෛත්‍ය සංවර්ධන අරමුදල ස‍්ඳහාත්
සංඝෝපස්ථානයන් සඳහාත් පින්වත් ඔබටත් දායක විය හැකිය

ශ්‍රී අංගුලිමාල මහා සෑ රජුන්ගේ නඩත්තු කටයුතු සඳහාත් ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරයේ වැඩසිටින සඟ පිරිසේ සිව්පස පහසුව වෙනුවෙන් සංඝෝපස්ථාන අරමුදල සඳහාත් පින්වත් ඔබගේ දායකත්වය ලබා දීමට පිවිසෙන්න…

ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරය වෙත
පැමිණෙන ආකාරය

පුද්ගලික වාහනයකින්
පැමිණෙන්නේ නම්

කොළඹ සිට පැමිණෙන්නේ නම් –

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයෙන් පැමිණ, කටුනායකින් පිටවී, හලාවත නගරයට පැමිණෙන්න.

හලාවත – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ 18km පැමිණි විට බිංගිරිය බෝවත්ත නගරයේ පොලිස් ස්ථානය පසුකොට 1km කුරුණෑගල දෙසට ගමන් කළ විට දකුණු පසින් මහමෙව්නාව භාවනා අසපුව නාම පුවරුව දිස්වේ. එතැනින් දකුණුට හැරි එම මාර්ගය ඔස්සේ 600m පැමිණි විට ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරයට පැමිණිය හැකිය.

කුරුණෑගල – හලාවත මාර්ගයෙන් පැමිණ, වාරියපොල – පඬුවස්නුවර (හෙට්ටිපොල) පසු කර 10km පමණ පැමිණි විට බෝවත්ත නගරයට ආසන්න ව වම්පසින් “මහමෙව්නාව භාවනා අසපුව” නාමපුවරුව දිස්වේ. එතැනින් වමට හැරී මහමෙව්නාව මාර්ගය දිගේ 600m පැමිණි විට ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරයට ළඟාවිය හැකිය.

කුලියාපිටියට පැමිණ හෙට්ටිපොල හරහා බෝවත්ත දෙසට පැමිණෙන විට බෝවත්ත නගරයට ආසන්න ව වම්පසින් “මහමෙව්නාව භාවනා අසපුව” නාමපුවරුව දිස්වේ. එතැනින් වමට හැරී මහමෙව්නාව මාර්ගය දිගේ 600m පැමිණි විට ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරයට ළඟාවිය හැකිය.

බසයෙන්
පැමිණෙන්නේ නම්

කොළඹ සිට පැමිණෙන්නේ නම් –

කොළඹ – පුත්තලම හෝ කොළඹ – හලාවත බස් රථයක පැමිණ, හලාවත බස් නැවතුමෙන් බැස, කුරුණෑගල බස් රථයක නැග, 18km පසුව බෝවත්ත නගරය පසුකරනවාත් සමඟම දකුණු පසින් “ශ්‍රී අංගුලිමාල මහා සෑය” නාම පුවරුව දිස්වේ. එතැනින් බැස දකුණුට හැරී මහමෙව්නාව මාර්ගය ඔස්සේ 600m පැමිණි විට ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරයට පැමිණිය හැකිය.

කුරුණෑගල – හලාවත බස් රථයක පැමිණ, වාරියපොල – පඬුවස්නුවර (හෙට්ටිපොල) පසු කර 10km පමණ පැමිණි විට බෝවත්ත නගරයට ආසන්න ව වම්පසින් “ශ්‍රී අංගුලිමාල මහා සෑය” නාමපුවරුව දිස්වේ. එතැනින් බැස, වමට හැරී මහමෙව්නාව මාර්ගය දිගේ 600m පැමිණි විට ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරයට ළඟාවිය හැකිය.
(බෝවත්ත නගරයෙන් බැස ත්‍රීරෝද රථයකින් වුවද පැමිණිය හැකිය)

කුලියාපිටියට පැමිණ, කුලියාපිටිය – බෝවත්ත බස් රථයක පැමිණ බෝවත්තට 1km තිබියදී (බෝවත්ත කණිෂ්ඨ විද්‍යාලය අසලින්) මාවුනාව හන්දියේ මහමෙව්නාව නාමපුවරුව අසළින් බැස අසපුවට පැමිණිය හැකිය

පහන් සිතින් අංගුලිමාල මහා සෑය වන්දනා කරමු

 අංගුලිමාල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා නිධන්ගත මහාසෑය වැඩහිඳින්නේ හලාවත, බෝවත්ත මහමෙව්නාව භාවනා අසපුවෙහි ය. එම සෑ රජාණන් වහන්සේ වන්දනා කොට ජීවිතයට පිහිට සලසා ගනු කැමත්තවුන් සඳහා උපකාර වනු පිණිස සකසා ඇති ග්‍රන්ථයකි මෙය.

සම්බන්ධ විය හැකි ආකාර

ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරය,
බෝවත්ත, බිංගිරිය.

පහත පෝරමය මගින්ද අප හා සම්බන්ධ විය හැකියි..

ඔබ සියලු දෙනාට ශ්‍රී අංගුලිමාල මහා සෑයේ තේජානුභාවයෙන් සියලු රැකවරණ වේවා!

ශ්‍රී අංගුලිමාල
මහා සෑ විහාරය වෙත
පැමිණෙන ආකාරය

පුද්ගලික වාහනයකින් පැමිණෙන්නේ නම්

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයෙන් පැමිණ, කටුනායකින් පිටවී, හලාවත නගරයට පැමිණෙන්න.

හලාවත – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ 18km පැමිණි විට බිංගිරිය බෝවත්ත නගරයේ පොලිස් ස්ථානය පසුකොට 1km කුරුණෑගල දෙසට ගමන් කළ විට දකුණු පසින් මහමෙව්නාව භාවනා අසපුව නාම පුවරුව දිස්වේ. එතැනින් දකුණුට හැරි එම මාර්ගය ඔස්සේ 600m පැමිණි විට ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරයට පැමිණිය හැකිය.

කුරුණෑගල – හලාවත මාර්ගයෙන් පැමිණ, වාරියපොල – පඬුවස්නුවර (හෙට්ටිපොල) පසු කර 10km පමණ පැමිණි විට බෝවත්ත නගරයට ආසන්න ව වම්පසින් “මහමෙව්නාව භාවනා අසපුව” නාමපුවරුව දිස්වේ. එතැනින් වමට හැරී මහමෙව්නාව මාර්ගය දිගේ 600m පැමිණි විට ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරයට ළඟාවිය හැකිය.

කුලියාපිටියට පැමිණ හෙට්ටිපොල හරහා බෝවත්ත දෙසට පැමිණෙන විට බෝවත්ත නගරයට ආසන්න ව වම්පසින් “මහමෙව්නාව භාවනා අසපුව” නාමපුවරුව දිස්වේ. එතැනින් වමට හැරී මහමෙව්නාව මාර්ගය දිගේ 600m පැමිණි විට ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරයට ළඟාවිය හැකිය.

බසයෙන් පැමිණෙන්නේ නම්

කොළඹ – පුත්තලම හෝ කොළඹ – හලාවත බස් රථයක පැමිණ, හලාවත බස් නැවතුමෙන් බැස, කුරුණෑගල බස් රථයක නැග, 18km පසුව බෝවත්ත නගරය පසුකරනවාත් සමඟම දකුණු පසින් “ශ්‍රී අංගුලිමාල මහා සෑය” නාම පුවරුව දිස්වේ. එතැනින් බැස දකුණුට හැරී මහමෙව්නාව මාර්ගය ඔස්සේ 600m පැමිණි විට ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරයට පැමිණිය හැකිය.

කුරුණෑගල – හලාවත බස් රථයක පැමිණ, වාරියපොල – පඬුවස්නුවර (හෙට්ටිපොල) පසු කර 10km පමණ පැමිණි විට බෝවත්ත නගරයට ආසන්න ව වම්පසින් “ශ්‍රී අංගුලිමාල මහා සෑය” නාමපුවරුව දිස්වේ. එතැනින් බැස, වමට හැරී මහමෙව්නාව මාර්ගය දිගේ 600m පැමිණි විට ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරයට ළඟාවිය හැකිය.
(බෝවත්ත නගරයෙන් බැස ත්‍රීරෝද රථයකින් වුවද පැමිණිය හැකිය)

කුලියාපිටියට පැමිණ, කුලියාපිටිය – බෝවත්ත බස් රථයක පැමිණ බෝවත්තට 1km තිබියදී (බෝවත්ත කණිෂ්ඨ විද්‍යාලය අසලින්) මාවුනාව හන්දියේ මහමෙව්නාව නාමපුවරුව අසළින් බැස අසපුවට පැමිණිය හැකිය

© All rights Received 2025